නාසා ආයතනයේ නිලධාරියෙක් ඔහුට තමන් සඳ මතුපිට චාරිකාවක් සඳහා සූදානම් වන බව පැහැදිලි කර දුන්නේය. සිය පුතා වෙතින් මේ ගැන අසා දැනගත් නවාජෝ නායකයා ඉතා උද්යෝගයට පත්ව තමන්ට මෙම කණ්ඩායම සමඟ ඉන්දියානුවන් වෙතින් පණිවිඩයක් සඳ මතට ගෙන යා හැකි දැයි විමසීය. මෙම ඉල්ලීම ඉටු කිරීම තුළින් ලැබෙන ප්‍රචාරය සහ එහි වාසි ගැන සිතූ නාසා ආයතන බලධාරියා ඊට එකඟ වූ අතර ඒ අනුව නවාජෝ නායකයාගේ පණිවිඩය පටිගත කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් නවාජෝ තරුණයාගෙන් එම පණිවිඩය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර දෙන ලෙස ඉල්ලූ නමුත් තරුණයා කිසිදු හේතුවක් නොදක්වා ඊට අකමැති බව පැවසුවේය.
ගැටලුවට පත් නාසා නිලධාරියෝ පටිගත කරන ලද පණිඩය රැගෙන නවාජෝ ගම්මානයකට ගොස් ඔවුන් ඉදිරියේ එය වාදනය කර පෙන්වූහ. එය ඇසූ කෙණෙහි සියලුම නවාජෝවරුන් සිනාසෙන්නට විය. නමුත් කිසිවෙක් සිය බසින් වූ සඳ වෙත පණිවිඩය පරිවර්තනය කර දෙන්නට ඉදිරිපත් නොවීය.
අවසානයේදී නාසා නිලධාරීහු ඇමරිකන් රජයේ නිල භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා ගන්නට තීරණය කළහ. ඒ අනුව කැඳවනු ලැබූ භාෂා පරිවර්තකයා නවාජෝවරුන්ගේ සඳ වෙත පණිවිඩය ඉංග්‍රීසි බසට හැරවීය.
"චන්ද්‍රයාණෙනි, මේ එන මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔවුන් එන්නේ ඔබේ භූමිය සොරකම් කර ගැනීමටයි!"
---------------------
ප.ලි.
විසිතුරු ඇරඹී දැන් අවුරුද්දකුත් ගෙවී අවසන්. ඉතින් මෙහි සපැමිණි ඔබ සැමට ස්තූති කරන්නට මෙය හොඳම අවස්ථාවයි......
දයාබර සහෘදයිනි! ඔබෙන් ලද දිරිය වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි!
ජයෙන් ජය!
ඒ මිනිස්සුන්ට ඇමෙරිකන් ජාතිය ගැන හොඳ අවබෝධයක් තිබිලා තියෙනවා...
ReplyDeleteදෑ අවුරුදු සැමරුමට මගෙන් සුභ පැතුම්...
// ඇමෙරිකන් ජාතිය//
Deleteඇමරිකානු ඉතිහාසය අනුව ඔය ඇමරිකානු ජාතිය කියන වචනේ භාවිතා කරල තියන විදිහ මට නම් ප්‍රශ්නයක් , බ්‍රිතාන්‍ය වැසියන් ඉන්දියානුවන්ගේ භූමීය අත්පත් කරගෙන ගොඩ නගපු ඇමරිකාවේ ඇමරිකානු ජාතිය සංක්‍රමණිකයින්ද ? ඉන්දියානුවන්ද ?
ප.ලි- ගොඩ නගපු විදිහ කොහොම වුනත් ඉතාම කෙටි කාලයක් ඇතුලත ඇමරිකාව ආපු ගමන ඇගයිය යුතුයි . ක්‍රිස්තු වර්ශ ආරම්භයේ ඉඳන් ලෝක ආර්ථිකයේ එක් එක් රටවල පංගුව ගැන සඳහන් ප්‍රස්ථාරයක් බ්ලොග් එකේ තිබුනා , හොයල බලන්න මම කියන දේට පදනම ඒකේ තියනවා
http://indi.ca/2012/06/the-economic-history-of-the-world-in-a-graph/
Deleteගැමියා - බොහොම ස්තූතියි සහෝදරයා!
Deleteබුවා - නව ලෝකය හොයාගෙන ආපු විවිධ ජාතීන්ගෙන් හැදුණ ජාතියක් විදියට සාර්ථකව ඔවුන් දියුණුව අත්පත් කරගත්තත් එහි පදනම ලෙයින් වැකුණු ඉතිහාසයක් බව අමතක කරන්නත් බෑ.
බුවා මචෝ,
Deleteඇමරිකානුවන්ට ඉතිහාසයක් නැති බවත් රතු ඉන්දියානු නිජ බිමක් අයිති කරගත්තු බවත් මම දන්නවා.නමුත් රටේ නමින් රටේ ඉන්න මිනිස්සු හඳුන්වන එක සාමාන්‍ය සිරිතනේ...
ඇමරිකාවේ ඉන්න මනුස්සයන්ට ඇමෙරිකානු වැසියා කියනවා මිසක් බ්‍රිතාන්‍යය වැසියා කියන්නේ නෑනේ....
ඕස්ට්‍රේලියාවේ විවිධ ජාතින් ඉන්නවා එතකොට ඕස්ට්‍රේලියන් ටීම් එකට ලංකාවෙ පොරක් සෙල්ලම් කරත් ඌව හඳුන්වන්න වෙන්නේ ඕස්ට්‍රේලියානුවා කියලා...
ඉතින් ඇමෙරිකාවේ ඉන්න කලවම් ජාතින් සේරටම ඇමෙරිකන් ජාතිය කියන්න වෙනවා.මම දන්නේ නෑ අනික් රටවල් කොහොම ඒ රට අමතනවද කියලා....
ඔය කථාව හරි , නමුත් ඔබ කියනවා " ඒ මිනිස්සු (ඉන්දියානුවන් ) ඇමරිකන් ජාතියේ හැටි දන්නවා " කියලා , නමුත් ඉන්දියානුවන් කියන්නේත් "ඇමරිකානු ජාතියේ " උපකුලකයක් එතකොට ඒ යෙදීම ගැලපෙනවද කියලයි මම මතුකරන්න හැදුවේ , කොහොම උනත් ඒකේ ඒ තරම් වැදගත් කමක් ඇත්තේ නෑ එක කාරණයක් ගැන දැන ගන්න ඕනි ගැමියා ඇමරිකන් විරෝධීද ?
Delete//ලෙයින් වැකුණු ඉතිහාසයක්//
Deleteමේක ඕනිට රටකට සත්‍යක් කියලයි මම දකින්නේ(ප්‍රමාණාත්මක වෙනස් කම් ඇති ) , කොයි රටේ ඉතිහාසයට එබුනත් ලේ වැගිරීම් ඕනි තරම් දකින්න පුලුවන් .
@ බුවා මචෝ,
Delete//නමුත් ඉන්දියානුවන් කියන්නේත් "ඇමරිකානු ජාතියේ " උපකුලකයක් එතකොට ඒ යෙදීම ගැලපෙනවද කියලයි මම මතුකරන්න හැදුවේ ,//
මේ විදියට බැලුවාම නම් ටිකක් විතර ඔයා කියපු කතාව ඇත්ත තමයි.
හි හි මම ඇමෙරිකානු විරෝධී නම් බ්ලොග් ලියන්නත් බෑනේ බොලේ... එහෙනං ඉතිං වීමේල් තමා පාවිච්චිකරන්න වෙන්නේ... හැබැයි ඇමෙරිකානුවන්ගේ හොඳ මෙන්ම නරකත් තියෙනවනේ... අදාල නැති ටික අයින් කරලා හොඳ ටික විතරක් ගත්තාම ඇති කියලයි මම හිතන්නේ...
උදාහරණයක් විදියට නවීන විද්‍යාව පිළිබඳ කෙරෙන පරීක්ෂණ සහ මේ දක්වා කරපු නිමැවුම් එක්ක බලද්දි ඇමෙරිකාව සෑහෙන්න වැදගත් තැනක් ගන්නවා ලෝක සිතියමේ...
නමුත් කරන අමන වැඩ.... ලෝකෙ බලවතා වෙන්න කරන බලු වැඩ එක්ක බැලුවාම උන් තරම් කාලකන්නි ජාතියකුත් ලොවෙත් නෑ...
ලෝක බලවතා කම රැකගන්න ඇමරිකාව කරන දේවල්ම වෙන කෙනෙක් ඔතන හිටියත් කරනවා / කරන්න වෙනවා , අනෙක් අතට ඇමරිකාවට පිටිපස්සෙන් ඔය ලෝක බලවතා ලේබලයට ලයිස්තු ගතවෙලා ඉන්න ඇයින්ට වඩා ඇමරිකානුවන් ලෝක බලවතා වෙන එක හොඳයි (තමන්ගේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැති උන්ගෙන් ලොකේ අනික් උන්ට මොනවා නොවේවිද ? ) , අනිත් එක ඇමරිකානු අභිලාෂයන් තමන්ට වාසි වෙන විදිහට කලමණාකරනය කරගන්න පුලුවන් නම් රටකට සැහෙන්න වාසියි . හොඳම උදාහරණය ජපානය සහ ද.කොරියාව (ඉන්දියාවටත් ඒ සඳහා දැවැන්ත අවස්ථාවක් ලැබිලා තියෙයි ) , ජපානය හිරෝෂිමා වෛරය හිතේ තියාන ඒකම කබල් ගගා නොසිටීමෙන් වාසිය ඔවුනටමයි !
Deleteමම හිතුවා අතුරුදහන් වෙලාද කියලා........ විසිතුරු!
ReplyDeleteසුබ පැතුම්! දිලමට ලියන්න... බිසි උනත් ලියන්න....හොයාගෙන ඇවිල්ලා කියවන බ්ලොග් එකක් මේක!
බොහොම ස්තුතියි බුද්ධි අයියා! ආතාරින්නෙ නෑ ලොවෙත් ලියනවා! :)
Deleteදිගට ම ලියන්න..!
ReplyDeleteThank you Mr. Indranatha!
Deleteසුභ පැතුම් අයියේ...
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රසන්න!
Deleteමමත් හිතුවේ අතුරුදන් වෙලාද දන්නේ නෑ කියල. ඇත්තටම ඒ නායකයා කියපු කතාව ඇත්ත තමා.
ReplyDeleteජයවේවා....වාසනා වේවා ....
බොහොම ස්තුතියි මල්ලි! ජය!
Deleteවිසිතුරු සුබ පැතුම් !!!
ReplyDeleteබොහොම ස්තුතියි මධුරංග අයියේ !!
Deleteවිසිතුරු කාලෙකට පස්සෙ ඇවිත් නියම කතාවක් අරගෙන. විසිතුරා නිතර නොලියන්නෙ අධ්‍යාපන වැඩ නිසා කියලා අපි දන්නවා. මේ දවස්වල නිවාඩුවක් ලැබිලා ඇතිනෙ? :)
ReplyDeleteඔය ඉඩම් අත්පත්කර ගැනීමේ ආක්‍රමණශීලී ගතිය අමෙරිකන් කාරයන්ට විතරක් නෙවෙයි, තව හුඟක් ජාතීන්ට අඩුවැඩි වශයෙන් තිබ්බා/තියෙනවා. අපේ ගම්වල සුගතන් අප්පුලා මාටින් ගොයියලාත් එහෙමයි නේද?
එක පන්ඩිත කමක් විතරක් කියන්නම් ඉංගිරිස් ගුරෙක් හැටියට. ඔය වචනෙ (Navajo) ඉංග්‍රීසියෙන් නම් ශබ්ද කරන්නෙ නැවහෝ කියලා. සිංහලෙන් නම් අනේ මන්දා නවාහෝ වෙන්න ඇති!!
henryblogwalker the Dude
හෙන්රි අයියෙ,
Deleteසමහර වෙලාවට 'j' ශබ්ද වෙන්නෙ 'හ්' කියලා නේද? e.g. Jehovah.
දැනුවත් කළාට බොහොම ස්තුතියි! ජය!
වටින කථාවක් , සුභ පැතුම් සැමරුමට !
ReplyDeleteබොහොම ස්තුතියි බුවා!
Deleteහම්මෝ ඇති යාන්තම් මතක් වෙලා මෙහෙ..:D
ReplyDeleteනියම කතාවක් ගෙනෙල්ලා තියෙන්නෙ!!
සැමරුමට සුභම සුභ පැතුම් මගෙන්!!!
බොහොම ස්තුතියි සහෝදරි !! ;)
Deleteවිසිතුරු බ්ලොග්,, හැපි බර්ත්ඩේ වේවා
ReplyDeleteබොහොම ස්තුතියි දූපත් වැසියා!
Deleteඅවුරුද්දට සුභ පැතුම්
ReplyDeleteහඳට යැවූ පණිවුඩ අතරින් ශ්‍රී ලංකාවේ පණිවුඩය එයට එක් නොවුණේ ඇයි කියන කතාව මෙතන තියෙනවා
http://nalakagunawardene.com/2012/03/13/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-57-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB/
Thanks for the link Hasitha... :)
Deleteඅවතාර් ෆිල්ම් එක හැබෑවක් වෙයි වගේ ..
ReplyDeleteඅවතාර් ෆිල්ම් එකේ කතන්දරය ඇතුළෙන් දිවෙන්නෙ සුදු ජාතිකයන් රතු ඉන්දියානුවන්ට කරපු විපත තමයි ශෂි....
Deleteහදිස්සියෙන් ඇවිත් හොඳ කතාවක් දාල ආයේ අතුරුදහන් වෙනවා.
ReplyDeleteමගෙන් සුභ පැතුම් මල්ලි.
බොහොම ස්තූතියි අයියෙ! :) මේ පාර ටික දවසක් අතුරුදහන් නොවි ඉන්න බලන්නම්කො
Deleteමගෙනුත් සුබ පැතුම් මිතුර
ReplyDeleteThank You Sachith
DeleteHappy Blogoversary!
ReplyDeleteSorry I missed it the first time.
Thank You Henry Ayye! :) :)
Deleteවිසුතුරු ආපහු ඇවිත් ඉන්නවා දැක්කම සන්තෝසේ බැරුව ගියා.
ReplyDeleteඔබේ ලිපි මම කවදත් ඉතා අසාවෙන් කියෙව්වා. පහුගිය දිනවල මොකද උනේ?
කතා මල්ල හිඳුන වෙන්ට බෑ නොවැ.
කොහොම හරි කමක් නැහැ ආයෙත් ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි. ලියන්නන්වාලේ බ්ලොග් ලියන්නේ නැතුව හැමදාම වටිනා දෙයක් ගෙන ඒම අගය කරනව.
ඔබටත්, ඔබේ බ්ලොගයටත් ජය!
බොහොම ස්තූතියි අයියේ!
Deleteකතා මල්ල නම් සැරින් සැරේ හිඳෙනවා. ලියන්න දෙයක් තෝරගන්න එක තමයි අමාරුම වැඩේ. ඒත් අතාරින්නෙ නම් නෑ!
ජය!
හරි අපූරු කතාවක්.. ඇත්තත් ඉතින් ඕකමනේ.. උන් ගිය තැන ඉවරයි..
ReplyDeleteඅවුරුද්දේ උපන්දිනේට සුභ පැතුම් විසිතුරු..
බොහොම ස්තුතියි දිනෙශ් අයියෙ!
Deleteසුභ පැතුම් සහෝ!
ReplyDeleteThank You Sis!
Deleteසුභ පැතුම් විසිතුරු!
ReplyDeleteThank You Sabith !!
Deleteකොහෙද මෙච්චරකල් ගිහින් හිටියෙ.? අපි මේ බැළුව බ්ලොග් එක අමතක වෙලාද කියල. සුභ පතනව ඔයාගෙ බ්ලොග් එකට.
ReplyDeleteඇමරිකානුවන් පිළිබඳ සංවාදයක් ගොඩනැඟිල තියන නිසා මාත් මෙහෙම ඒ ගැන කියන්නම්කො. ඇමරිකානුවන් කියන්නෙ බ්‍රිතාන්‍යන්මත් නෙමෙ. ඇමරිකානුවො කලවම් ජාතියක්. බ්‍රිතාන්‍යයෙන් තමා මුලින් ආවෙ ඒ වෙනකොට හිටි ස්වදේශිකයින් ඇරුනම තව ගොඩක් රටවල මිනිස්සු ඇමරිකාවට ඇවිත් පදිංචි උනා. මේ තියෙන්නෙ ඒ ගැන http://rosakalea.blogspot.com/2011/10/blog-post_20.htmlඒ නිසා මේ රටේ ස්ථීර පදොංචිකරුවන් ඇමරිකානුවන් විදියට හැඳින්වීම හරි .
ටිකක් කාර්යබහුල වෙලා හිටියා රෝස කුමාරී. බොහොම ස්තූතියි සුබ පැතුමට!
Deleteඇමරිකානුවන් විවිධ ජනවර්ග රැසක එකතුවක් වුණාට ඔවුන්ගේ ඉස්මතු වෙලා පෙනෙන්නෙ බ්‍රිතාන්‍ය ගතිය බවයි මගේ හැඟීම.
මටනම් හිතෙන්නෙ බ්‍රිතාන්‍යයන්ගෙ පාටට හිටියට ඇමරිකානුවන් ඊට වෙනස් කියල. කතාකරන විදිය පවා වෙනස්. ඇමරිකානුවන් හරියට රැඩිකල් බිතාන්‍යයන් කියල තමා මගේ අදහස. පෙනුමටනම් ඉතින් බිතාන්‍යය ලක්ෂන වැඩියි.
Deleteරෝස කුමාරි, මමත් එකඟයි. තවත් දෙයක්, බ්‍රිතාන්‍යයන්ගේ තියන මාන්නාධික ගතිය ඇමරිකානුවන්ගේ අඩුයි කියලා මට හිතෙනවා. ඔවුන් මිශ්‍ර ජාතියක් නිසා වෙන්න ඇති. බ්‍රිතාන්‍යයන්ට වෙනස් විදියට ඉන්නයි ඇමරිකාව තාමත් උත්සාහ කරන්නේ. මෙට්‍රික් ක්‍රමයත් ප්‍රතික්ෂේප කරලා ඇමරිකානු ඉංග්‍රීසි කියලා වෙනම ඉන්ග්රිසියක් භාවිතා කරන්නෙත් ඒක වෙන්න ඇති.
Deleteසුභපැතුම් විසිතුරු..!!!
ReplyDeleteThank You Beetle! :)
Deleteකතාව නම් හරි. ඒ එක්කම මගේ සුභපැතුම්.!!!
ReplyDeleteබොහොම ස්තුතියි ක්සැන්ඩර් අයියා!
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteජයෙන් ජය වේවා!
Deleteඅද ඇමරිකාවෙ සංක්‍රමණිකයන් ගැන සංවාදය බැරෑරුම් දේශපාලන මාතෘකාවක් වෙලා තියෙනව. හැබැයි ඒ සංක්‍රමණිකයන්ව එලවන්න හදන අයගෙ මුතුන් මිත්තො ඒ රටවලට ආවෙත් විසා නැතුව!
ReplyDeleteඅවුරුද්දට සුභ පැතුම් විසිතුරු!
බොහොම ස්තුතියි මුහුදු~!
Deleteමුල අමතක කරන එකනෙ මේ ඔක්කොටම මුල!
සුබ පැතුම් විසිතුරු....
ReplyDeleteබොහොම ස්තුතියි සයුරි අක්කේ!
Deleteඅම්මෝ මෙන්න ආපහු ඇවිත් ! සාදරයෙන් පිලිගනිමි !!
ReplyDeleteආයෙත් අහලා! සැරින් සැරෙ එනකොටනෙ අගේ වැඩි ;)
Deleteස්තුතියි සරත් අයියෙ!
හදවත සොරකම් කරපු කතාවක්.
ReplyDeleteඇත්ත! මේ කතන්දරය කියවපු ගමන් මගෙත් හිත ඇදී ගියා :)
Deleteහාස්‍යයකින් සත්‍යයකට..හොඳ කතාවක්
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා! (පරක්කුද කොහෙද)
පරක්කු වුණාට මොකෝ!
Deleteබොහොම ස්තූතියි ගැටයා! :)
කියෙව්වා..කතාව..
ReplyDeleteහොදයි...හැබැයි පනිවිඩේ හොයාගන්න වැඩි මහන්සියක් ගන්නෑ ලංකාවෙ රජය නම් ඒ හිටියේ....